උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වී තිබෙනවා.
දුම්රිය බලධාරීන් පැවසුවේ වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය ගමන් කිහිපයක් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව කාර්යාල දුම්රිය 12ක් පමණක් ධාවනය වන බව දුම්රිය බලධාරීන් පැවසුවා.
ඒ අනුව කොළඹ කොටුවේ සිට මීගමුව සහ වේයන්ගොඩ බලා දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක් ධාවනය වී ඇති අතර ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද, අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.
වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව දැනුම් දී තිබෙනවා.