ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනා තමාට සහ ජනාධිපතිවරයාට වීරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී.
පාලිත රංගේ බණ්ඩාර එහිදී පවසා සිටියේ මෙවැන්නක්
" පසුගිය දවස්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ගැටලුවක් සම්බන්ධව ගරු ජනාධිපතිතුමා රටට ප්‍රකාශයක් නිකුත් කළා
.වැඩිදුරටත් මමත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබෙනවා.
එය පදනම් කරගෙන විපක්ෂයේ බොහෝ දෙනා මටත් ජනාධිපතිවරයාටත් ිරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තා.
ඒ අතරතුරේ සී ලේනව යන ව්‍යාපාරිකයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයාගේ ධූර කාල සම්බන්ධව නඩුවක් ගොනුකළා.
මේ නඩුව ගොනුකරපු කෙනා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ කෙනෙක් කියලා සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශයක් නිකුත් කළා.
එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න පටන් ගත්තා.
එම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයත් සමඟ කිසිදු සම්බන්ධයක් තිබෙන කෙනෙක් නෙවෙයි කියලා මම එක්වරකුත් මාධ්‍යයට පැහැදිලි කළා.
ඔහු ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉන්න කෙනෙක් කියන එකත් මම ලේඛන සහිතව ඔප්පු කළා.
එම ලැයිස්තුවේ පළවෙනියටම නම සඳහන් වන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයාගේ තමයි.
එම රොහාන් පල්ලෙවත්ත දැන් ඉන්නේ සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස සමඟයි. සජිත් ප්‍රේමදාස ඔහුට තනතුරු කිහිපයක් දීලා තිබෙනවා.
සමගිය ජන බලවේගයේ වෘත්තීය වේදීන්ගේ සංගමේ ප්‍රධානියා විදිහට ඔහුව පත් කරලා තිබෙනවා
ඒවගේම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහටත් ඔහු ඉන්නවා.
ඒ වගේම විදේශ කටයුතු සහ විදේශ ආර්ථික උපදේශකවරයා විදියටත් ඔහුව පත් කරලා තිබෙනවා.
ඒ වගේම රොහාන් පල්ලෙවත්තත් ඔහු සමගි ජන බලවේගයත් එක්ක ඉන්නෙයි කියන කාරණය තහවුරු කරලා තිබෙනවා.
එනිසා රොහාන් පල්ලවත්තගේ ජාතික ලැයිස්තුවේ ගෝලයා තමයි මේ ලේනව කියනකෙනා කියන එක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙනවා.
ඒ අනුව මෙහි පසුබිම ඔබට වටහා ගත හැකි වෙනවා ඒ නිසා මේ පෙත්සම පිළිබඳව කිසිදු සම්බන්ධයක් එක්සත් ජාතික පක්ෂයට නැති බව සඳහන් කළ යුතුයි.
එනිසා මෙය ජනාධිපතිවරයාගේ අරමුණක් හෝ එක්සත් ජාතික පක්ෂයේ අරමුණක් පෙරදැරිව සිදුකරන ලද දෙයක් නොවෙයි කියන එක ඉතා පැහැදිලිව පේනවා.
මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය වෙත වසර පහක් දක්වා පමණක් ජනාධිපතිගේ ධූර කාලය පවත්වාගැනීම පිළිබඳව පත්‍රිකාවක් ඉදිරිපත් කරල තිබෙනවා.
ඒ නිසා ජනාධිපතිවරයාගේ අදහස ඒ තුළ පැහැදිලිව දක්වලා තිබෙනවා. එනිසා රංගේ බණ්ඩාර බොරු කියන නෙවෙයි කෙනෙක් නෙවෙයි කියන එක ජනතාවට ඔප්පු වෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් තැනක පහක් සහ එක් තැනක හයක් විදිහට ජනාධිපතිතුමාගේ ධූර කාලය සඳහන් වෙනවායි කියන ලිපිය තිබෙනවා.
එම කෙටුම්පත ඉදිරිපත් කරලා තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ වගේම නීතිපති නිල මැදිරිය නිකුත් කරපු ලිපිය තිබෙනවා. වැඩ බලන නීතිපතිවරයා විසින් නිකුත් කරපු ලිපිය සඳහන් වෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහන් වෙනවා.
එහි අසූ තුන්වන ව්‍යවස්ථාව පිළිබඳව සටහනක් දැක්වෙනවා. සය අවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් දක්වා යන්න එහි සඳහන් වෙනවා.
ඒ නිසා කැබිනට් එකට මේ යෝජනාව මීට සති තුනකට පෙරම ගෙනත් තිබෙන බව මෙහි තිබෙන දිනත් එක්ක ඔබට දැක ගන්නට පුළුවන්.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණ වලට යන්න බය නැතුව ඉදිරිපත් වෙනවයි කියන එක ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
ඒ බය නැතිකම නිසා තමයි තනි මනුස්සයෙක් විදිහට මේ වගකීම බාර අරගෙන ජනාධිපතිවරයා මේ තාක් දුර මේ රට ස්ථාවර කිරීමට පත්කරේ කියන එක සඳහන් කළ යුතුයි..
ඒ නිසා තමයි මේ හැමදෙනාම වගකීම් ගන්නේ නැතුව පැනල ගිහිල්ලා කොහෙට හරි වෙලා නැවතිලා හූ කියන්න පුරුදු වෙලා තිබෙනවා.
හරියට නරි වගේ තමයි හැසිරෙන්නේ..
රූපවාහිනී විවාදයකට එන්න කියපුවහම ඒකට යන්නේ නෑ හැංගෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තරගයක් තියෙන මොහොතේ කරූ ජයසූරිය මහත්මයාව බිල්ලට දුන්නා.
පාර්ලිමේන්තුවේ ඡන්දෙදි ඩළස් අලහප්පෙරුමව බිල්ලට දෙනවා. දැන් මේ ජනාධිපතිවරණයෙනුත් කවුරු හරි ඉදිරිපත් කරලා පැනලා දුවන්න ලෑස්ති වෙනවා.
ම්ලේච්ඡ මි ත්‍රස්තවාදී සංවිධානයක් වුණු එල්ටීටීඊ සංවිධානයෙ ප්‍රභාකරන් වුණත් කිසිම දවසක පාසල් වහල දැම්මේ නැහැ.
ඊටත් වඩා එහා ගිය ම්ලේච්ජත්වයක් අද සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
ඉස්කෝල වලට යන්නෙ නැතුව වර්ජනය කරන්න කියලා හවසට මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා
ඉස්කෝලේ ආවේ නෑ. වර්ජනය සාර්ථකයි කියල. උඹලගේ දරුවන්ට උගන්වන්න අපි ගියේ නැහැ. උඹල හරක් වගේ ඉඳපල්ලයි කියලා වීරයෝ වගේ කියනවා.
මහින්ද ජයසිංහල,, ජෝසප් ස්ටාලින් ලා වීරයෝ වගේ පදක්කම් පැළඳගෙන ඉන්න අය වගේ, ප්‍රකාශ නිකුත් කරනවා.
මේ රටේ අනාගතය හදන්න ද? විනාශ කරන්නද?
ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක ජනතාවට හොඳින් වැටහෙනවා. දෙකෝටි පන්ලක්ෂයක් එකතුවෙලා ලක්ෂ පහළොවක රාජ්‍ය සේවකයින් නඩත්තු කරනවා.
එනිසා නැවතත් ජනතාවට මේ පිරිස නඩත්තු කිරීම අත්‍යවශ්‍ය ද කියලා හිතන්නට වෙනවා. ජනතාවගේ මේ ඉවසීම තව කොතරම් කාලයක් රැඳෙයිද කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි.
ඊයේ දුම්රිය ස්ථානවල රැඳී සිටපු දරුවන් වෙනත් රාජකාරි වලට ගිය පිරිස් කරපු ප්‍රකාශ අපි දැක්කා.
ඒ ජනතා ශාපය තුළින් ඔවුන්ට ගැලවීමක් නැහැ.
ඒ වගේම සේවයට වාර්තා කළ පිරිස් වෙනුවෙන් රජය ගත් තීන්දුව පිළිබඳව අපි ස්තුතිය පළ කරනවා."