Tuesday, March 4, 2025

General line - 0115112241

ළමුන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළට



වැඩිහිටියන් අතර මෙන්ම දරුවන් අතරද බෝ නොවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ සැලසුම් සහ පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන අංශ ප්‍රධානී, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සඳහන් කළේ බෝ නොවන රෝග හේතුවෙන් දරුවන් සෘජු අවදානමකට පත්ව ඇති බවයි.  

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ළමා සංවර්ධන, රැකවරණය හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ පැවසුවේ දරුවෙකු නිවැරදිව හදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පන්ති පැවැත්වීමට පවා දැන් සිදුව ඇති බවයි. 

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන සංවිධාන කරන්නේ යුනිසෙෆ් ආයතනයේද මැදිහත්වීමෙන්. එය මේ වසර අගදී ආරම්භ කරනු ඇති.