දුම්රිය පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අවසන් කෙරුණා.
ඒ, වර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඊයේ මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු විනය මාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා විසින් එහිදී කළ දැනුම්දීමක් අනුව වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේද සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු කතා නායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදීයි.
මේ අතර දුම්රිය වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වුවද අද උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.
අද දහවල් වන විට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.