දින එක හමාරක කාලයක් පුරා කොස්ලන්ද පූනාගල රක්ෂිතයේ පැතිර ගිය ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.
පසුගිය දා එම රක්ෂිතයේ ඇති වූ ගින්න පුනාගල කදු පංතියේ පහළ බෑවුම් කොටසේ වේගයෙන් පැතිර ගිය අතර එම ගින්නෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු වුණා.
මේ දිනවල එම ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබුණා.
කෙසේ වෙතත් අද අලුයම් කාලයේ පැවති පින්නත් සමග ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.