Tuesday, March 4, 2025

General line - 0115112241

අභියාචනාධිකරණ විනිසුරුවරු පත් නොකිරීම සම්බන්ධ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

උදය කුමාර



මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සවස 06යි 45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ බලාපොරොත්තු වන්න.