Tuesday, March 4, 2025

General line - 0115112241

හින්දු කෝවිලක නිධානයක් ගොඩගැනීමට උත්සහ කළ යුවළක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ



ගිනිගත්හේන, කෙනිල්වර්ත් වතුයායේ පළමු කොටසේ රක්ෂිතයේ පිහිටි හින්දු කෝවිලක නිධානයක් ගොඩගැනීමට උත්සහ කළ අඹුසැමි යුවලක් සහ ඔවුන් සමග පැමිණි ත්‍රීරෝද රථ රියදුරෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික බෑවුමක් සහිත ප්‍රදේශයක පිහිටි එම හින්දු කෝවිල වෙත ගොස් පූජාවක් පැවැත්වීමට මාස හතක් පමණ වයසැති දැරියක්ද සමග අදාළ සැකකාර අඹුසැමි යුවල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.  

එම අවස්ථාවේදී  එම සැකකරුවන් නිධානයක් ගොඩගැනීමට උත්සහ දරන ආකාරය වතු කම්කරුවන් පිරිසක් දැක එය වතු අධිකාරිවරයාට දැනුම් දී තිබෙනවා.

පසුව එම වතු කම්කරුවන් විසින් සැකකරුවන් අල්ලා පොලීසියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 32 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන අංගොඩ සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.