Tuesday, March 4, 2025

General line - 0115112241

පස්වරුවේත් දුම්රිය 05ක් අවලංගු කෙරේ



අද පස්වරුවේත් දුම්රිය 5ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය ද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පෙරවරුවේ අවලංගු කළ දුම්රිය ගමන් වාර ගණන 14 ක්. ඊට ගාලු කුමාරි දුම්රිය සහ රුහුණු කුමාරි දුම්රිය ද වු බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජෙ. ඉදිපොළගේ පැවසුවේ. 

ගාලු කුමාරි දුම්රිය අද පෙරවරුවේ බෙලිඅත්තේ සිට ධාවනය කර නොමැති අතර ඊට හේතු වී ඇත්තේ වර්ජනය ආරම්භ වු දිනයේ එහි සිටි කාර්යය මණ්ඩලය එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නතර කර යළි කොළඹ පැමිණිම හේතුවෙන්.

ඔවුන් එම දුම්රිය ගෙන ඒම සඳහා අද පස්වරුවේ සාගරිකා දුම්රියෙන් කොළඹ සිට බෙලිඅත්ත බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන සිට ගාලු කුමාරි  දුම්රිය සාමාන්‍ය පරිදි මරදාන ධාවනය කිරීමට නියමිතයි.

මේ අතර අද සියලු රාත්‍රි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

එමෙන්ම හෙට පෙරවරුවේ ධාවනය වීමට නියමිත සියලු දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.