Wednesday, March 5, 2025

General line - 0115112241

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ පාපොච්චාරණය මාධ්‍ය ලබාදුන් පොලිස් ලොක්කන්ට ඇමතිගෙන් අවවාද



අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවවාද කර තිබෙන බව වාර්තා වනවා.

පසුගිය දා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් එම වෙඩි තැබීම සිදුවූ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කරන අවස්ථාවේදී එම අවස්ථාවට එක්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදී තිබුණා.

එම පාපොච්චාරණය ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බවයි නීතිවේදීන් සහ විවිධ දේශපාලකයින් මත පළ කළේ.