බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තුව අද සිට අඩු කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පවසනවා.
ඒ අනුව අද දින සිට දෙවන කිලෝ මීටරය සඳහා අයකල මුදලින් රුපියල් 10ක් අඩුවන බවයි ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා පැවසුවේ.
මීට පෙර දෙවන කිලෝ මීටරය සඳහා රුපියල් 100ක මුදලක් අය කළ ද අද දිනයේ සිට එම ගාස්තුව රුපියල් 90ක් දක්වා පහළ දමා තිබෙනවා.
ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ව්‍යාජ මීටර් උපකරණ යොදා ගනිමින් ත්‍රීරෝද රථ ධාවනය කරන රියදුරන් පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.