Tuesday, May 20, 2025

General line - 0115112241

නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට



නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි.

සැකකාරිය අබුඩාබි සිට මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සන්තකයේ තිබී දුම්වැටි 20,000ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.