අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බවත් පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව එම ස්ථාවරයේ තමා සෑම විටම සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.
ඉදිරියේ දී කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් ද ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.