සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ලබන 29 වනදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස එක්කර ගත යුතු බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිපස් දෙනා එක්කර ගන්නේ නම් පමණක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැකි බවටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මෙම මස අග සිදු කරන බවයි.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 04ත් 06ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා.
මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැක්වූයේ මෙවන් අදහසක්.