Wednesday, March 5, 2025

General line - 0115112241

රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී මිලත් පහළට



විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් නෙත් නිවුස් වෙත කියා සිටියේ කුකුල් මස්, බිත්තර, පිටි, සීනි සහ කිරිපිටි මිල අඩු කරන්නේ නම් ජනතාවට තවත් සහන ලබාදිය හැකි බවයි.


කෙසේවෙතත් බිත්තර මිල යලි වැඩි වුවහොත් ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද ඔහු කියා සිටියා.