Wednesday, March 5, 2025

General line - 0115112241

ගැටළුවලට විසදුම් නොලැබුණහොත් යළි තීරණයක් ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සැරසෙයි



සිය ගැටළුවලට විසදුම් නොලැබුණහොත් යළි වර්ජනයකට යාමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය ඉල්ලීම්වලට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා අද දිනයේ තමුන්ට ලබාදෙනු ඇති බවයි. එහිදී සාධනීය පිළිතුරක් තමන් වෙත නොලැබුණහොත් සිය සංගමයේ විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ඔහු කියා සිටියා.


දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරින් රාජකාරීන් සඳහා දක්වන දායකත්වය සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළකළා.