මෙරට සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුල් වීමට ළඟදීම අවස්ථාව හිමිවනු ඇති බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය පවසනවා.
අදාළ අවසරය ලබාදෙන බවට මීට පෙර ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව තායිලන්තය රජය විසින් වීසා රහිතව එරටට ඇතුල් වීම සඳහා අවසරය ලබාදිය යුතු බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසුවේ.
එම අවසරය ශ්‍රී ලංකාවට ලබාදී ඇත්දැයි නෙත් නිවුස් ශ්‍රී ලංකාවේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ වීසා රහිතව තායිලන්තයට ඇතුල් වීම සඳහා වන අවසරය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවයි.
එතෙක් තායිලන්තයට ඇතුල් වීම සඳහා වීසා නිකුත් කිරීමේදී මුදල් අයකර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.