Wednesday, March 5, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු මහර බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක රඳවයි



අතුරුගිරියේ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු මහර බන්ධනාගාරයේ ජී වාට්ටුවේ රඳවා තිබෙනවා.

එම වාට්ටුවේ තවත් රැඳවියන් පිරිසක් රඳවා සිටිය ද මොහු එම වාට්ටුවේ වෙනම සිර මැදිරියක තනිව රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

අතුරුගිරියේ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව එම සැකකරුවන් රඳවනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

එහි සිටි ටැටූ ආයතනයේ හිමිකරු ඊයේ දිනයේ මහර බන්ධනාගාරය වෙත මාරු කෙරුණා.

වෙඩි තැබීම සිදුකල වෙඩික්කරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

අතුරුගිරියේ ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාර සිදුවුණා.

එහිදී තුවාල ලැබූ ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිණී කේ සුජීවාගේ සැමියා ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි ප්‍රහාර හමුවේ ක්ලබ් වසන්තගේ බිරිඳ, කේ සුජීවා, තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලැබුවා.