Friday, April 25, 2025

General line - 0115112241

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

ටී කේ ජී කපිල



යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඇතුළු දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

රජයේ ආරාධනාවක් මත යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතයි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.