Thursday, March 6, 2025

General line - 0115112241

ජනපතිවරණය ගැන තීරණ ගැනීමේ බලය අද සිට මැතිවරණ කොමිසම අතට



ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරුණා.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

ජනාතිපතිවරණය සඳහා අවශ්‍ය වියදම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද මුදල් අමාත්‍යංශ නිලධාරින් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ද එහිදී ප්‍රකාශ කෙරුණා.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහසක් පමණ වනවා. 

එය පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්ද දායකයින් එකොලොස් ලක්ෂ 47,000කගේ වැඩි වීමක්.
එන් ඒ ඩබ් නිරෝෂන්