අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි කන්දමාවත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවටද වාර්තා වනවා.
ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් සමයේදීද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු ජනප්‍රිය පාසලක 19න් පහළ කණ්ඩායමේ නායකත්වය පවා දරා ඇති බව සඳහන්.
ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය පුද්ගලයා, දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකුද වන බවට වාර්තා වන බවයි.