Thursday, March 6, 2025

General line - 0115112241

පානදුරේ සුපිරි හෝටලයක නීතිවිරෝධී ක්‍රියා රැසක්



පානදුර උතුර පොලිස් වසමේ පිහිටි ප්‍රකට හෝටලයක සිදු වන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති බවට වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම හෝටලය තුළ රාත්‍රී 10න් පසුව මෙන්ම පොහොය දිනවලදීද නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන බවයි.

ඒ සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන්ගේ පවා අවධානය යොමුව නොමැති බවට වාර්තා වනවා.

මීට අමතරව හෝටල් පරිශ්‍රයද අපිරිසිදු බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ මෙම හෝටලයේ අපද්‍රව්‍ය බොල්ගොඩ ගඟට මුදා හරින බවයි.

මේ සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බව පාරිභෝගිකයින් පවසනවා.

ඔවුන් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ වහාම අවධානය යොමු කරන ලෙසයි.

හෝටල් පරිශ්‍රයේ සිදු වන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියේ පවා අවධානය යොමුව නොමැති බවට චෝදනා එල්ල වනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කළද පොලීසිය නිසි පියවර නොගන්නා බවටයි චෝදනා එල්ල වන්නේ. 

මේ අතර පාතාලයට සහ විවිධ අපරාධවලට සම්බන්ධ පිරිස් නිරන්තරයෙන් මෙම හෝටලයට පැමිණෙන බවට වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායද පරික්ෂණයක් ආරම්භ කර ඇති බවටද පැවසෙනවා.