Thursday, March 6, 2025

General line - 0115112241

හිමිනමක් එස් ටී එෆ් අත්අඩංගුවට



නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හොරොව්පතාන, මොරවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී නිධන් හෑරීමට භාවිත කළ කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ මාතිත්තිය පිරිවෙනේ හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.

ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.