Thursday, March 6, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ වියදම් ගැන කතා කරන්න මුදල් අමාත්‍යංශය, මැතිවරණ කොමිසමට



මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ වියදම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවේ ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධ වන සියලු පාර්ශව සමග ඉදිරියේදීද මේ අයුරින්ම සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරුණා.

ඒ අනුවයි මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ද අද මෙලෙස මැතිවරණ කොමිසම වෙත පැමිණියේ.

මීට පෙර පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයේ නිලධාරීන් සමගද මැතිවරණ කොමිසමේ නිලධාරීන් සාකච්ඡා කළා. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඊයේ ප්‍රකාශ කළේ මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි. 

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.