විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේ, දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 751ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 737 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමටත්, සැකකරුවන් 17 දෙනෙකු වත්කම් විමර්ශනය සඳහාත්, සැකකරුවන් 27 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් තියමිතවයි.
මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 461ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 125ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,872ක් සහ ගංජා ග්‍රෑම් 173ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.