Thursday, March 6, 2025

General line - 0115112241

රනිල්ට සහය දීම ගැන මහින්ද කතා කරයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



මැතිවරණය කඩිනම් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන හා පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර අද උදෑසන මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

මේ එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර.

එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පිරිසක් අදහස් පළ කළේ මෙලෙසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ මැතිවරණ කොමිසම කඩිනමින් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවයි. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද පැවසුවේ වර්තමානයේ ක්‍රියාත්මක අයි එම් එෆ් ගිවිසුමේ රාමුව තුළ සිට කටයුතු කිරීමට සිදු වන බවයි. 

මේ, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බවයි.