ජනාධිපතිවරණය කල් දැමීම සඳහා දැන් අවස්ථාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ප්‍රමාණවත් කාලයක් හෝ නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට ඇතුළත් කිරීමට නියමිතයි.