අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා. ධවල මන්දිරය පැවසුවේ ජනාධිපතිවරයා කොව්ඩ් සංකූලතාවලින් පෙළෙන බවයි.
ඒ අනුව ඔහුට කොවිඩ් මර්දන එන්නතක් ලබා දී තිබෙනවා.
81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න්ට මීට පෙරද අවස්ථා දෙකකදී කොවිඩ් වැළඳී තිබුණා.
ජනාධිපතිවරයා ඊයේ අමෙරිකාවේ ලාස් වේගාස්හිදී ආධාරකරුවන් හමුවූ නමුත් රාත්‍රියේ පැවැත්වීමට තිබූ ප්‍රචාරක වැඩසටහන් අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වන විට ජෝ බයිඩ්න් සිය නිවසේ හුදෙකලා වී සිටින බවයි ධවල මන්දිරය සඳහන් කළේ.
අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජෝ බයිඩ්න්ට මීට පෙරද ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.
ඉකුත් ජූනි මාසයේදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේදී බයිඩ්න්ගේ දුර්වල කතා විලාසය හේතුවෙන් දැඩි පීඩනයකට මුහුණ දීමටයි සිදු වුණේ.
ඔහුගේ වයස හේතුවෙන් ජනපති සටන ජය ගැනීම අභියෝගයක් වනු ඇති බවට බලපෑම් එල්ල වුණේ බයිඩ්න් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයෙන්ම වීම විශේෂත්වයක්.