''සමුද්‍ර විමුක්තිකා - සමුදුරේ මුතු ඇටය'' සංස්කෘතික මුද්‍රා නාට්‍යය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
අන්තරා නර්තන ආයතනය විසින් ඔවුන්ගේ හත්වන නර්තන ප්‍රසංගය මෙලෙස මෙරටදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රසංගය මෙම මස 21 වන ඉරිදා පස්වරු 4යි 30ට එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙනවා.
මෙම මුද්‍රා නාට්‍යය ප්‍රවේශපත්‍ර රහිතව ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්තාව හිමි වීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග අඩංගු ප්‍රසංගය ද මෙම මස 22වන දා සුදර්ශි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.