Thursday, March 6, 2025

General line - 0115112241

සිව්වසරක සිර දඬුවම් නියම වූ ඥානසාර හිමියන්ට ඇප

උදය කුමාර



බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම්  නියම වී සිටි  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේ කොළඹ මහාධිකරණය විසින්.

ඒ, ඉකුත් මාර්තු මාසයේදීයි.

එහිදී එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ අතර ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.