හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විවෘත කළා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හංගේරියානු රජය සමග සාකච්ඡා කර මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරවාගෙන මෙම ගුවන් පාලමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
එහෙත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මෙම විවෘත කිරීමට ආරාධනා කර නොමැති බව වාර්තා වනවා.
මීට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවටද ඔහුට ආරාධනා කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.