ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යංශය එකඟ වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරණයේ මූලික වියදම් ලෙස රුපියල් බිලියන 10ක මුදලක් මේ වන විටත් ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වීමට කොපමණ මුදලක් වැය වනු ඇත්දැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කළා.
ඊට හේතුව වී ඇත්තේ මිල වැඩි වීම හමුවේ වැය වන වියදම් සම්බන්ධයෙන් පූර්ව ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඇති අපහසු තත්ත්වයයි.
ඒ අනුව දැනට ලබා දී ඇති රුපියල් බිලියන 10ක මුදල ඉක්මවා වැය වුවහොත් ඊට අදාළ ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් ලබා දෙනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපතිවරණයට අදාළ මුදල් වෙන් කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභවේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා.
ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධ වන සියලු පාර්ශව සමග ඉදිරියේදීද මෙලෙස සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවා.