Thursday, March 6, 2025

General line - 0115112241

බස් නැවතුමක නීති විරෝධී මත් කරල් ජාවාරම් කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට



දීර්ඝ කාලයක සිට ත්‍රිකුණාමලයේ උප්පුවේලි බස් නැවතුමේ නීති විරෝධී මත් කරල් ජාවාරමක යෙදුණු තරුණයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ ස්ථාපිත ප්‍රචණ්ඩ අන්තවාදී තොරතුරු රැස් කිරීමේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේ දී වෛද්‍ය නිර්දේශයකින් තොරව සන්තකයේ තබා ගත් මත් කරල් 300ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.