Saturday, April 26, 2025

General line - 0115112241

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි



රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරික්ෂණ අවසන් වන තුරු ඔහු එලෙස අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවන විට රාජකාරී කරමින් සිටියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන ධුරයේයි.