වාහන ආනයනය සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉන් අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබා දීමට සූදානමක් ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් ඊට අදාළ සියලුම අංශවල කරුණු සොයාබැලීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර මෙම මස මුල් සතියේදී එම කමිටුව රැස්වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.