Saturday, April 26, 2025

General line - 0115112241

නෙත් අනාවරණයෙන් පසු හොරණ, කුඹුක නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ගැන වාර්තාවක් කැඳවයි



හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙතයි.

හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නෙත් නිවුස් පසුගියදා අනාවරණ කළා.

එහිදී පාසල් දරුවන්ගේ මව්පියන් විසින් චෝදනා කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් පාසල ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනිය ද වෙනත් පාසලකට ස්ථාන මාරු කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පෙත්සම් යොමු කළ ද ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව මව්පියන් චෝදනා කළා.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අදාළ පාසලේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.