Thursday, March 6, 2025

General line - 0115112241

වරාය පිවිසුම් ගුවන් මාර්ගය ඔක්තෝබරයේ විවෘත කෙරේ



වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ විමල් කණ්ඩම්බි පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ඉදි කළ බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විමල් කණ්ඩම්බි.

ඉඟුරුකඩේ පිවිසුමෙන් ආරම්භ වන මෙම වරාය පිවිසුම් ගුවන් මාර්ගය ගාලු මුවදොර පිවිසුමෙන් අවසන් වනවා.

එහි දිග කිලෝමීටර් 5යි දශම 3ක්.

එය මංතීරු 4කින් යුක්තයි.

මේ හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අඩු වන අතර වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඉදි වනවා.