Saturday, April 26, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකිකයන් පිරිසකට තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දෙන්න ජපානය කැමැත්තෙන්



ශ්‍රී ලාංකික උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීමට කැමැත්තෙන් පසුවන බව මෙරටට පැමිණි ජපාන දූත පිරිස පවසා තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සිදු කළ සාකච්ඡාවකදීයි.

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා එලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.