උඩරට දුම්රිය මාර්ගයේ පටිට්පොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, දුම්රිය මාර්ගය මතට ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන්.
ඒ අනුව බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ගස් කඩා වැටී ඇති ස්ථානයේ නතර කර තිබෙනවා.
එම දුම්රියේ ගමන් ගත් මගින්, දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව කඩා වැටී ඇති ගස් ඉවත් කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.