රටවල් රැසක ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ලොව පුරා සිදුවන තාක්ෂණික කටයුතු බොහොමයක් අඩාළ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ අනුව සිඩ්නි ගුවන් තොටුපලේ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
එක්සත් රාජධානියේ දුම්රිය සමාගම්වල කටයුතුවලටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ හදිසි සේවාවන්ට බලපෑම් එල්ල වන බවට එරට රජය අනතුරු අඟවා තිබෙනවා.
ජර්මනියේ බර්ලින් ගුවන් තොටුපළ සහ ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා.
මෙම හදිසි තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේවෙතත් තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම පියවර ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.