Thursday, March 6, 2025

General line - 0115112241

මෙරට පළමුවන දූරියන් ආදර්ශ වගා කළාපය වලස්මුල්ල හදුගලට



මෙරට පළමුවන දූරියන් ආදර්ශ වගා කළාපය අද වලස්මුල්ල හදුගල ප්‍රදේශය තුළ ස්ථාපිත කෙරෙනවා.  

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

හදබිම අධිකාරියේ සභාපති ඉසුරු ධනංජය පැවසුවේ අපනයනය ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැළ 2,500ක් ගොවීන් අතර බෙදා හරින බවයි.

සම්පූර්ණ ව්‍යාපෘතිය තුළ දූරියන් පැළ 20,000ක් වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම වගා කලාපය තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන හා ඉහළ රසයකින් හෙබි කෙටි කාලයක් තුළ ඵල හටගන්නා දෙමුහුන් දූරියන් විශේෂ දෙකක්  වන  අඹතැන්න හා කසුන් නැමැති විශේෂ දෙක වගා කිරීමට නියමිතයි.

මෙම දූරියන් විශේෂ දෙකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නවතම ප්‍රභේද දෙකක් වනවා.