Thursday, March 13, 2025

General line - 0115112241

119 වන අභිමානවත් බන්ධනාගාර දින සැමරුම



ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්ෂ 1905 ජූලී මස 16 වන දින ස්වාධින දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර වසර 119 ක අභිමානවත් සංවත්සරය සැමරීම හා බන්ධනාගාර සේවයේ යෙදී සිටි‍යදී තම ජීවිතය රාජකාරිය වෙනු‍වෙන් පරිත්‍යාග කළ උදාර බන්ධනාගාර නිළධාරීන් 16 ‍දෙනෙකු අනුස්මරණය කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර පැවැත්වීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති නිළධාරී අනුස්මරණ ස්මාරකය අසලදී 2024.07.16 වන දින සවස 04.00 ට අධිකරණ, බන්ධනාගාර කටයුතු, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය, නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ අධිකාරණ, බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය, නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.