මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්දැයි සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙනවා.
එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් පද්ධති මත පදනම්වදැයි සොයා බැලීම සඳහා එම වාර්තා කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ.
අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතයනක මෘදුකාංගයක හට ගත් තාක්ෂණික දෝෂයෙන් මෙරට පෞද්ගලික ආයතන 04කට බලපෑම් එල්ල වී ඇති බවට පැවසෙනවා.
අදාළ තාක්ෂණික දෝෂය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම්වලටද බලපෑම් එල්ල වුණා.
කෙසේවෙතත් එම තාක්ෂණික දෝෂය පස්වරු 2ට පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැවසුවේ.
රටවල් රැසකටද තාක්ෂණික දෝෂයෙන් බලපෑම් එල්ල වුණා. ඒ පිළිබඳ තවත් තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.