Thursday, March 6, 2025

General line - 0115112241

ගාල්ල, බෙලිගල නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි



1931 සර්ව ජන ඡන්ද බලය හිමි වූ දින සිට අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොතරම් වාද විවාද සිදු වුවද කිසිවිටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමට ඉඩ නොතැබූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රටක් ලෙස ඒ පිළිබඳ ආඩම්බර විය යුතු බවද ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම අධිකරණ සංකීර්ණය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 1600ක්.

නව අධිකරණ සංකීර්ණය  සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු‍ පහසුකම්වලින් සමන්විත වනවා.