කඨින මහා පිංකමට සමගාමීව සෑම වෙහෙර විහාරස්ථානයකම වස් ආරාධනා කිරීම සඳහා වැසි සළුපූජා කිරීමේ චාරිත්‍රය අද සිදු කෙරෙනවා.
නෙත් එෆ් එම් රේඩියෝව ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පස්වරු 06ට වැසි සළු පූජා කිරීමෙන් අනතුරුව මෙවර වස් ආරාධනා කිරීමේ පිංකම සිදු කරනු ලබනවා.
මේ අතර, දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කෙරෙනවා.
ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.