Friday, March 7, 2025

General line - 0115112241

කෝප් සහ කෝපා කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම ගැන මැති සබයේ සංවාදයක්

එන් ඒ ඩබ් නිරෝෂන්



කෝප් සහ කෝපා කමිටු මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන වාර්තාවල ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කල යුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

එම කාරක සභාවේ තුන්වන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අදහස් පලකළා.

අදාළ කමිටු මඟින් ඉදිරිපත් කරන නිර්දේශ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සෘජුව යොමු කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.