Tuesday, April 29, 2025

General line - 0115112241

ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් IT විෂය අනිවාර්ය කිරීම අඩාල වෙයි



සුදුසුකම් සහිත ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 


ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී තොරතුරු තාක්ෂණ විෂය අතිරේක විෂයක් ලෙස තෝරා ගැනීමට දරුවන්ට අවස්ථාව පවතින බවයි. 


පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස්වීමට නියමිතයි. එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.