Sunday, March 9, 2025

General line - 0115112241

පාන් මිල අද මැදියම් රැයේ සිට පහළට



පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල එලෙස පහළ දමන බවයි.

කෙසේවෙතත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල පහළ නොදමන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.