Monday, March 10, 2025

General line - 0115112241

වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට



පසුගිය 23 වනදා කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ දී ත්‍රීරෝද රථයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි වියේ පසුවන කටහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.