Thursday, April 10, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 628 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක යුක්තිය විශේෂ මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 631ක් සිදුකර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 19 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇති අතර එක් සැකකරුවෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිතයි.

ඊයේ දිනයේදී බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ වැටලීම්වලදී පමණක් හෙරොයින් ග්‍රෑම් 90ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 108ක් සහ ගංජා ග්‍රෑම් 194ක් සමඟ සැකකරුවන් 393 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.