Thursday, April 10, 2025

General line - 0115112241

වත්තල ප්‍රදේශයේ නිවසක ගින්නක්



වත්තල පොලිස් වසමේ මාටාගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ නිවසේ දෙවන මහළේ කාමරයක් තුළ සිටි 90 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවයි.

ගින්න හටගත් අවස්ථාවේදී අදාළ නිවසේ රැඳී සිට ඇත්තේ මියගිය පුද්ගලයා පමණක් බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ දියණියකගේ නිවසකට ගොස් ඇති බව ද හෙළිවී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.